Colombo Today Local News

කෝටි ගණනක මුදල් වංචා කළ චීන යුවළ ඇතුළු 8කට අධිකරණයෙන් දුන් නියෝගය

පරිගණක මෘදුකාංගයක් හරහා රුපියල් කෝටි 1,500කට අධික මුදලක් වංචා කළ බවට අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළ ඇතුළු සැකකරුවන් 08දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සැකකරුවන් ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර ඇත.

ස්පෝට්ස් චේන් නම් පරිගණක මෘදුකාංගයක් මගින් වැඩි ප්‍රතිලාභ ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 1,500කට අධික මුදලක් වංචා කළ බවට අදාළ චීන ජාතික යුවළ ඇතුළු සැකකරුවන් 08දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකර ඇති ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 15 දින ප්‍රකාශයට පත් කරන බව නඩුව කැඳවූ අවස්ථාවේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related posts

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගනියි

colombotoday

අගමැති රනිල්ට විරෝධය පෑ කොටි හිතවාදීන් හතරක් ත්‍රස්ත නීති යටතේ බ්‍රිතාන්‍ය අත් අඩංගුවේ

colombotoday

අපනයනය ඉලක්ක කර ගනිමින් කල වගා ව්‍යපෘති සාර්ථකයි

Admin

කොළඹ වැසියන්ට කැම්බල් පිටියේදී නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

බල්ලන්ට මිලියන 100යි.කොල්ලන්ට මිලියන 100යි. ඔබතුමාලගේ ආණ්ඩුව, කොල්ලෝ බල්ලන්ටත් වඩා අන්තයට දාලා…

colombotoday

මුල්ගල් තියපු තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කරලත් නෑ !

colombotoday