Colombo Today Local News

කොළඹ වැසියන්ට කැම්බල් පිටියේදී නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

කොළඹ පදිංචි කරුවන් සහ රැකියාවල නිරත වන පුද්ගලයන් සඳහා (කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල) නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් අරඹනු ලැබ ඇත.

මෙම පරීක්ෂණ කෙරෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීය.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ පවසන්නේ සෑම දිනකම පෙරවරු 9 සිට 11 දක්වා එම කටයුතු සඳහා පහසුකම් සලසා ඇති බවයි.

කොවිඩ් රෝග ලක්ෂණ තිබෙන ඕනෑම කෙනකුට මෙම පරීක්ෂණ සඳහා පෙනීසිටිය හැකි බවද ඇය සඳහන් කළාය.

Related posts

ගංවතුරින් අපදාවට පත් ජනතාවට සහන

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

colombotoday

සමෘද්ධිය නිසා පාර්ලිමේන්තුව උණුසුම්.. ඒකාබද්ධය, ජවිපෙ එස්.බී ට වටකර පහර දෙයි !

colombotoday

මුඛ ආවරණ ගිනි තබා ෆාමසියකට මුද්‍රා තබයි

colombotoday

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

colombotoday