Colombo Today Local News

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

බගවන්තලාව ආරියපුර 319-එස් ග්‍රාමසේවා වසමට අයත් බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කර තිබේ.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ ඊයේ (11)දින එම වතු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 28දෙනෙකු හදුනාගැනීමත් සමග මෙම තීරණය ගත් බවයි.

එම අසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් වන නිසා වෛරසය පැතිර යාමේ අවධානම පාලනය කිරිම සදහා බගවන්තලාව වත්තේ මැද කොටස හුදකලා කර තිබේ.

හුදකලා කළ එම වත්තේ මැද කොටසේ පවුල් 114කට අයත් සාමාජිකයින් 374දෙනෙකු ජීවත්වන බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.

මෙම තත්ත්වයත් සමගඑම වතු යායට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ද කටයුතු කර තිබේ.

Related posts

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

Admin

තවත් දාහතරදාහක් ලංකාවට පනින්න සූදානම්.. රොහින්ග්‍යා මුස්ලිම් සරණාගත නමින් මහා මිනිස් ජාවාරමක්

colombotoday

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin

බැසිල් රාජපක්ෂට මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය ?

colombotoday

STF කියා නිවසට ඇවිත් කොල්ලකාලා

colombotoday