Colombo Today Local News

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

රෝහල් වල හිඟ ඖෂධ පිළිබඳ ලැයිස්තුවක් තිබේ නම් එය ලබා දෙන්නැයි ද හැකි අයුරින් උදව් කරන්නට සූදානම් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද වන විට රෝහල් පද්ධතියේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින අතර පිළිකා,හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියා, අක්මා රෝග ආදී ජීවිත බේරාගන්න ඖෂධ වල බරපතළ හිඟයක් රෝහල් පද්ධතියේ තිබෙන බවද විපක්ෂ නායකවරයා කීය.

අත්‍යවශ්‍ය ජීවිත බේරාගන්නා උපකරණ වලත් බරපතළ හිඟයක් මේ වන විට තිබෙන බවද මේ වන විට රෝහල්වල ඖෂධ සහ උපකරණ හිඟය බරපතල තත්වයක තිබෙන අතර වැදගත් සැත්කම් ගණනාවක් කල් ගොස් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

Related posts

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

හිරුණිකා ජනපති නිල නිවස ඉදිරිපිට ගෝඨාභය එනතුරු මහ පාරේ විරෝධතාවක්

colombotoday

මෙම වසරේ වැඩිම අපනයන මාසික ආදායම අගෝස්තු මාසයේදී

Admin

නාමල් කුමාර යළි රිමාන්ඩ්

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණු හේතුව

colombotoday

ගිනි අවියක් පුපුරා පුද්ගලයකු මරුට

Admin