ArticlesColombo Today Local News

කොටි රූකඩ හා මානව හිමිකම් කුමාරයාගේ දෙබිඩි රංගනය

seidh hussein 3265

* උතුරින් හමුදාව අඩු කරනු
* අත්පත් කරගත් ඉඩම් දෙනු
* අධිකරණය හා ආරක්‍ෂක අංශවලට අවමන් කිරීම
* අතීත භූතයන් ගැන හඬ නැඟයි

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් මෙරටට පැමිණ රඟපෑවේ ඩොක්‌ටර් ජෙකිල් ඇන්ට්‌ මිස්‌ටර් හයිඩ් ග්‍රන්ථයේ එන එකම මිනිසාගේ දෙබිඩි චරිතයයි.

මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන සෙවීමට මෙරටට ආ ඔහු උතුරෙන් හමුදාව ඉවත් කරන ලෙසත් අත්පත් කරගෙන ඇති ඉඩම් ආපසු දෙන ලෙසට මෙරට රජයට කියාසිටියේය.

එසේම ජිනීවා යෝජනාවේ ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් උසාවියක්‌ ස්‌ථාපිත කළ යුතු බව සඳහන් වන බව පැවසූ හෙතෙම එවන් උසාවියක්‌ ස්‌ථාපිත කිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකාවට යෑයි පළ කළේය. ජාත්‍යන්තර විනිසුරුවන් ඇතිව හෝ නැතිව පරීක්‍ෂණ සාධාරණ විය යුතු බව ඔහු තවදුරටත් පළ කළේය.

උතුරේ හමුදාව අඩුකළ යුතු යෑයි ඉල්ලීමට ඔහුට කිසිදු අයිතියක්‌ නැත.

උතුර නැඟෙනහිර හමුදාව අඩුකරනු යයි ඔහු රජයට කියාසිටියේ මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත්වෙමිනි.

උතුරෙන් හමුදාව ඉවත්කර ගැනීම මහ ඇමැති විග්නේශ්වරන් ඇතුළු ද්‍රවිඩ සන්ධානයේ කූට ඉල්ලීමකි.

මේ හැර අතුරුදන්වූවන් සොයනු යෑයි මානව හිමිකම් කොමසාරිස්‌වරයා රජයට කීවේය.

එහෙත් මෙරටින් පැනගොස්‌ විදේශ රටවල සිටින අතුරුදන්වූවන් හෙළිකරන ලෙස හෙතෙම බටහිර රටවලින් ඉල්ලීමක්‌ කළේ නැත.

ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය පැවැත්වූයේ මානව හිමිකම් පරීක්‍ෂණයක්‌ මිස, යුද අපරාධ පරීක්‍ෂණයක්‌ නොවේ යයි පැවසූ සෙයිද් රාද් හුසෙන් හයිබ්‍රිඩ් උසාවියක වගකීම ශ්‍රී ලංකා රජය වෙත යොමු කළේය.

එහෙත් ඔහුගේ මතය වූයේ හයිබ්‍රිඩ් පරීක්‍ෂණයකින් සාධාරණ විනිශ්චයක්‌ ලැබෙනු බවයි.

මේ හයිබ්‍රිඩ් පරීක්‍ෂණ අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා බවද කියමින් හෙතෙම මෙරට අධිකරණ ක්‍ෂේත්‍රයද හෑල්ලුවට ලක්‌ කළේය.

මෙරට පොලිස්‌ පරීක්‍ෂJ නතරවීම ගැනද සෙයිද් රාද් හුසේන් විවේචනය ලක්‌කරනු ලැබීය. ශ්‍රී ලංකාව යථාතත්ත්වයට පත්වීමට එන අවස්‌ථාවේ ඊට එරෙහිවන අන්තවාදී ජාතිවාදී ප්‍රවණතා පරාජය කළ යුතු බවද සෙයිද් රාද් හුසෙන් තවදුරටත් පළ කළේය.

මානව හිමිකම් කොමසාරිස්‌ගේ එවන් ප්‍රකාශ වලින් තහවුරු වන්නේ විදෙස්‌ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් ඔහුගේ කනට විෂ මතුරා ඇති බවයි.

මේ හැර අතීතයේ භූතයන්ට එරෙහිව කටයුතු කළ යුතුබවද මානව හිමිකම් කොමසාරිස්‌වරයා පළකළේය.

මේ භූතයන් හෙවත් යක්‍ෂයන් කවුදැයි නම් කළේ නැත.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා අතීතයේ භූතයන් යෑයි හඳුන්වනු ලැබුවේ කොටින්වද එසේත් නැත්නම් පසුගිය රජයද?

එසේම ඔහු තවත් බොරුවක්‌ කීවේය.

ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාව ශක්‌තිමත් වූ බව හෙතෙම සඳහන් කරනු ලැබීය.

ජිනීවා යෝජනාව ඒකමතිකවම සම්මත කරගනු ලැබුවේ ඉතා වංචනික අයුරිනි. ඊට ඉන්දියාව හා පකිස්‌තානය අත්සන් කළේ නැත.

මේ වංචනික යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යෑයි ඔහු ශ්‍රී ලංකාවට කියා සිටියේය. ඉන් ශ්‍රී ලංකාවේ නිදහසට තර්ජනයක්‌ එල්ල වන්නේ නැතැයිද කියමිනි.

උතුරේ විපතට පත්වූවන් සමඟ සාකච්ඡා කළ මානව හිමිකම් කොමසාරිස්‌වරයා අතුරුදන් සෙබළුන් 6000 කගේ මවුපියන් හෝ භාර්යාවන් සමඟ සාකච්ඡා කළේ නැත.

වත්මන් ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා කළ සෙයිද් රාද් හුසේන් වන්නි මෙහෙයුමේ සෙන්පතිවරුන්ගෙන් අදහස්‌ විමසා නැත.

එහෙත් කොටි රූකඩය ලෙස කටයුතු කළ ද්‍රවිඩ සන්ධානය සමඟ සාකච්ඡා කිරීමට ඉදිරිපත් වූ සෙයිද් රාද් හුසේන් ඒකාබද්ධ විපක්‍ෂය දුන් සංදේශයේ කරුණු ගැන අවධානය යොමුකර නැතැයි වාර්තා විය.

මේ පසුබිම මැද සෙයිද් රාද් හුසේන්ගේ මෙරට සංචාරය මුළුමනින්ම ඒකපාක්‍ෂික ක්‍රමවේදයකි.

ශ්‍රී ලංකා ජනතාව සත්‍යය දැනගතයුතුයි. ඊට මානව හිමිකම් කවුන්සිලය පූර්ණ සහය දක්‌වනවා යයි හෙතෙම වැඩිදුරටත් පළකළේය. එහෙත් ශ්‍රී ලංකාවේ ජනතාව ජිනීවා යෝජනාවක්‌ ඉල්ලා සිටියේ නැත.

එවන් යෝජනාවක්‌ ඉදිරිපත් වූයේ ඇමරිකාවේ උපදෙස්‌ නොතකා කොටි සංවිධානය පරාජය කිරීම නිසාය.

කොටි සංවිධානය ජය ලබා ශ්‍රී ලංකා හමුදාව පරාජය වූයේ නම් මෙවන් ජිනීවා යෝජනාවක්‌ ඉදිරිපත් නොවේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

colombotoday

සහරාන්ගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වු තරුණියක් අත්අඩංගුවට

colombotoday

එටිසලාට් බදු වංචාවක.. බදු වැඩියෙන් අයකර දිනකට රු මිලියනයක් පාරිභෝගිකයන්ගෙන් ගසා කයි

colombotoday

කතක් දුෂණය කර මරා දා දේපළ කොල්ලකෑ ඝාතනයෙක් අල්ලයි

Admin

ආන්දෝලනාත්මක අධිභාර බද්ද පනත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට

colombotoday