Colombo Today Local News

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් දහතුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැත.

ඉන් අනතුරුව විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය හමුවට වාර්තා කර තිබේ.

මෙම නඩුවේ දාහතර වන සැකකරු ලෙස දැනට ඩුබායි හී වාසය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු වන “උදාර සම්පත්“ නැමැත්තා නම් කිරීමට අවසර දෙන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය “උදාර සම්පත්“ නැමැත්තා මෙම නඩු කටයුත්තේ දාහතර වන සැකකරු ලෙස නම් කිරීමට ද අවසර දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සැකකරුවන් 13 දෙනා ලබන 14 ‍වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙම නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හෙයින් ඔවුන්ට අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස ද මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

Related posts

මුස්ලිම් ජනයා සහ සහජීවනයේ අනාගතය.. තේමාවෙන් ලෝක මුස්ලිම් සමුළුව අරලියගහ මැදුරේ

colombotoday

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිමට ජනපති සැරසේ

colombotoday

පාසල් වෑන් හිමිකරුවන්ට ලිසිං සහනය මාස 06කින් දීර්ඝ කරයි

colombotoday

රස පරික්ෂණයෙන් කට හඩ තහවුරුයි… රාජ්‍ය නායක ඝාතන කුමන්ත්‍රණයට DIG කොටුවෙයි…

colombotoday

“ඉට්කා එපා” කියූ වෛද්‍ය පාදෙණියට එරෙහිව එජාප පාක්ෂිකයෝ පාදෙණියේදී පාර වසා උද්ඝෝෂණයේ

colombotoday