Colombo Today Local News

අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිමට ජනපති සැරසේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමින් පවසා සිටියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල් වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බවයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව කුමන අර්ථකථන තිබුණ ද ඉන් පිටව යන තරුණ – තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකිනම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් විය නොහැකි බවත් උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දැනටමත් හඳුන්වාදී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවත් වැඩිදියුණු කිරීමට මෙම අවස්ථාව උපයෝගීකරගත යුතු බවයි ප්‍රකාශ කර සිටියේ.

වර්තමානයේ සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය සඳහා විදේශගතවීම යහපත් ලක්ෂණයක් නොවන බවත්, එමගින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිට රටවලට ඇදී යන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

මෙම තත්වය නතර කිරීමට නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවිධාංගීකරණය විය යුතු බවත් සන්නිවේදන තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තීය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තිය වැනි ක්ෂේත‍්‍රවල උපාධි පාඨමාලා හඳුන්වාදීම අතිශය වැදගත් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

අනාගතයේ දී විශ්ව විද්‍යාලයට පිවිසෙන සෑම දරුවෙකුටම පරිගණකයක් ලබා ගැනීමේ පහසුව සැලසිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා. උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබන සියලූ‍දෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පෙර නිවසේ සිට ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යාපනය ලබාදීමට සැලසුම් සකස් කළයුතු බවයි ජනාධිපතිවරයාගේ යෝජනාව වී ඇත්තේ.

Related posts

දකුණු කොරියාවත් COVID අනතුරේ… ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුවත් කිරීමක් !

colombotoday

ශ්‍රී ලන්කන් ඇමරිකාවේ ටීපීජී ගුවන් සමාගමට විකුනනවා – නි. ඇමැති පාස්ටර් එරාන් වික්‍රමසිංහ කියයි

colombotoday

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin

රිලවුන් ඉල්ලුවේ පෞද්ගලික සමාගමක්… චීන රජය ඍජුවම සම්බන්ධ වූයේ නැහැ – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කියයි

Admin

බදියුදීන් මැගසින් බන්ධනාගාර ප‍්‍රධානීයාගෙන් සැප ඉල්ලයි

colombotoday

පානදුර රෝහල් මෘත ශරීර ගොඩ ගැසේ. – නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක්.

colombotoday