Colombo Today Local News

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ කිතුල්ගල සහ නෝර්වුඞ් ප්‍රදේශවලින් ද, කැළණි ගගේ ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

තවද කළු ගගේ රත්නපුර ජල මිනුම් ස්ථානයේ සහ ගිං ගගේ තවලම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව ද සදහන් කරයි.

ඒ හේතුවෙන් ගංගා දෙපස ජීවත් වන ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

රු.1000 නොදෙන වතු හාම්පුතුන්ට එරෙහිව දැඩි පියවර

colombotoday

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin

වරකාපොළ පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගනී

colombotoday

මවක් තුන් හැවිරිදි දියණිය සමග ළිඳට පනී

colombotoday

කැලණිවැලියට නව දුම්රියක්..

Admin

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Admin