Colombo Today Local News

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

(NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය මගින් යෝජනා වී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ එම වෛද්‍ය උපාධිය පිරිනැමීමට නියමිතය.

එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමට අපේක්ෂිත ය.

හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීම පිණිස NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

NSBM ආයතනය රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයකි.

Related posts

විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දැමූ හිටපු ඇමති ගැන පරීක්‍ෂණක්

Admin

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday

පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය ගැන නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණයි.. – පොලිස්පතිගෙන් උපදෙස්

Admin

භික්ෂූන් වහන්සේලාට මරණ තර්ජනය කිරීම නින්දිතයි – හින්දු සම්මේලනයෙන් ජනපතිට පැමිණිළි

colombotoday

ජනතාව ප්‍රතික්ශේප කළ අය විශ්‍රාම ගැනීම කලෝචිතයි “මම කීව දේ ඇහුවේ නෑ.. ඉල්ලන් කෑවා” – සජිත්

colombotoday

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

colombotoday