Colombo Today Local News

රිලවුන් ඉල්ලුවේ පෞද්ගලික සමාගමක්… චීන රජය ඍජුවම සම්බන්ධ වූයේ නැහැ – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කියයි

ලංකාවේ රිලවුන් ලබාදෙන්නැයි ඉල්ලීම පැමිණියේ චීන ජනරජයෙන් නොව පෞද්ගලික සමාගමකින් බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.

චීනයේ සත්වෝද්‍යාන පිළිබඳ අභිජනන මධ්‍යස්ථාන පවත්වාගෙන යන පෞද්ගලික ආයතනයකින් එම ඉල්ලීම ලැබුණ බවත් මෙම සතුන්ගෙන් වන ව්‍යසන සම්බන්ධයෙන් සලකා බලන විට මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය ලෙස සලකා බැලීමට සිදුවෙන බවත් අමාත්‍යංශ ලේකම්වරයා කියයි.

අදාල ඉල්ලීම තහවුරු කළ හැකි ලියවිලි අමාත්‍යාංශය සතුව තිබෙන අතර චීනයේ සත්වෝද්‍යානය සඳහා අභිජනන කටයුතු වෙනුවෙන් සතුන් ප්‍රමාණයක් ලබා දෙන ලෙස එයින් ඉල්ලා තිබෙන බවද චීන රජය මේ සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ වූයේ නැති අතර අදාල සමාගම මේ පිළිබඳව දෙතුන්වරක් සාකච්ඡා කර තිබෙන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

මත්කුඩු වටලන්න ගිය පොලිසියට ගල් ප්‍රහාරයක්

colombotoday

වැලිකඩ රැඳවින් 310කගේ PCR පරීක්ෂණ අවසන්

colombotoday

කැලණි ගඟ වනසන නීති විරෝධී කම්හල් 4,000 ක්

colombotoday

රටපුරා විහාරස්ථාන වර්ගීකරණය කෙරේ… දානයවත් නැති විහාරස්ථාන 1940 ක් !

colombotoday

කුරුණෑගල හිටපු නගරාධිපති චෝදනා 11කට වැරදිකරු වෙයි

Admin

කරුණා අම්මාන් ශ්‍රීලනිපය හැර යයි.. අලුත් ‘දෙමළ‘ පක්ෂයක් පිහිටුවයි !!

colombotoday