Colombo Today Local News

බිත්තරයක් 55ට දෙන්න ජංගම සේවයක් අරඹන්න කර්මාන්තකරුවන් එකඟ වෙයි

වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 55ට අලෙවි කිරීමේ ජංගම සේවාවක් ආරම්භ කිරීමට කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, මේ මස අවසානයේ සිට රුපියල් 55ක මිලකට බිත්තරයක් සැපයීමට කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර තිබේ.

එම ක්‍රියාවලිය ආරම්භයේදී ම කොළඹට දිනපතා බිත්තර ලොරි 20ක් බැගින් එවීමටත් ඒවා ජනාකීර්ණ ප්‍රදේශවලදී පාරිභෝගිකයන්ට අලෙවි කිරීමටත් ඔවුන් එකඟ වී ඇත.

එමෙන් ම, එය ක්‍රමයෙන් වෙනත් නාගරික ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමට එකඟතාව දැක්වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම මිලට බිත්තර ලබා දෙන්නේ නම් අතරමැදි වෙළෙන්දන්ගෙන් හෝ තැරැව්කරුවන්ගෙන් හෝ වෙනයම් පාර්ශ්වයකින් බලපෑම් එල්ල වුවහොත් ඒ වෙනුවෙන් පොලිස් ආරක්ෂාව වුව ද සම්පාදනය කර දීමට හැකි බව ඇමතිවරයා එහිදී පවසා ඇත.

මේ වනවිට දේශීය වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 60 – 70 වැනි මිලකට අලෙවි වන නිසා අඩු මිලට පාරිභෝගිකයන්ට බිත්තර ලබා දීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ජා කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන් හා කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ඇතුළු සංගම් කිහිපයක් සමග හමුවක් පැවැත්විණි.

එහිදී මේ එකඟතාවට එළැඹ ඇත.

බිත්තර නිෂ්පාදකයන් සාධාරණ මිලකට බිත්තර ලබා නොදෙන්නේ නම්, පාරිභෝගිකයන්ට අඩු මිලට බිත්තර ලබා දීමට විදේශයන්ගෙන් බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇතැයි ද එහිදී ඇමැතිවරයා අවධාරණය කොට ඇත.

තවමත් තමන් බිත්තර සපයනු ලබන්නේ රුපියල් 49 හා 55 මිලට බව එහිදී බිත්තර නිෂ්පාදකයන් ඇමතිවරයා හමුවේ පවසා තිබේ.

අතරමැදියන් පිරිසක් බිත්තර ගබඩා කොට ගෙන හිතු මනාපයට බිත්තර මිල ඉහළ නැංවීමට කටයුතු කරන බවට ඔවුහු චෝදනා කරයි.

මේ සඳහා වෙළෙඳ ඇමතිවරයා වහාම මැදිහත් වී කටයුතු කළ යුතු යැයි ද ඔහු පවසයි.

Related posts

විදුලි බිල වැඩි කිරීමට එරෙහි වූ ජනක රත්නායක ඉවත් කරන්න පොහොට්ටුවේ පුර්ණ සහය

Admin

වෛද්‍ය ශාපි ට චෝදනා කරන කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පුරුෂකම පරික්ෂා කරන්න – දිගාමඩුල්ල මන්ත්‍රී මන්සුර්ගෙන් බලු කතාවක්

colombotoday

“ජනමත විචාරනයකට යන අලුත් ව්‍යවස්ථාවකට මෛත්‍රීට ජනවරමක් නෑ“ – එස් බී

colombotoday

ඉතාලියෙන් එවූ මළ සිරුරේ වෙඩි වැදුණු තුවාල

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

වසර 108කට පසු හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන හොයන්න කමිටුවක්

Admin