Colombo Today Local News

ඉතාලියෙන් එවූ මළ සිරුරේ වෙඩි වැදුණු තුවාල

වෙඩිවැදී ඇති බවට සලකුණු සහිත පුද්ගල මළ සිරුරක් තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (18)දින සවස 4.00 පමණ එම සිරුර රැගෙනවිත් ඇති අතර මියගොස් ඇති පුද්ගලයා ගම්පහ, නැඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

ඔහු ඉතාලියේ, ඇප්‍රේනියා නගරයේ සේවය කළ අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔහු සේවය කළ ස්ථානයේ ඇති වූ යම් සිද්ධියකදී මේ පුද්ගලයා මියගොස් ඇති බවත් ඉන්පසුව ඔහුගේ සිරුර ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති අතර මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර මරණ පරික්ෂණයක් සහ පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකිරීමට නියමිත බවද ඔහු පැවසීය.

Related posts

2021 අයවැය වැඩි ඡන්ද 97 කින් සම්මතයි

colombotoday

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600 ක් ආනයනය තහනම් කරමින් අද රාත්‍රියේදී ගැසට්ටුවක්

colombotoday

රන්ජන් නිදහස්… මනුෂගෙන් තනතුරකුත්

colombotoday

දේශපාලන පෙරළියක් අත ළග.. රාජපක්ෂවරයෙක් ළගදීම අගමැතිකමට !

colombotoday

“රට අරාජිකයි.. යන්නේ ආපස්සට“ – ආචාර්ය දයාන් ජයතිලක ජනපතිගේ මූණට කියයි

colombotoday

පන්සල්, පාසල් ආසන්නයේත් තැබෑරුම් ඇරීමට අවසර දීමට සූදානම්.. ජනපතිකෙනෙක් රටට කුමටද?

colombotoday