Colombo Today Local News

එළඹෙන 21 වනදා දිවයින පුරා සියලුම දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

එළඹෙන 21 වනදා දිවයින පුරා සියලුම දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම්දී තිබේ.

වසර දෙකකට පෙර අප්‍රේල් 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහි කර දේවස්ථානවල දේව මෙහෙයන් සහ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබීම හේතුවෙන් මෙලෙස පොලිස් ආරක්ෂාවක් ලබා දෙයි.

අදාළ සිහිකිරීම සිදුකරන දේවස්ථානවල පියතුමන්ලා, පූජකතුමන්ලා සහ ආගමික නායකයින් හමුවී ඔවුන් සමඟ සාකච්ඡාකර එම වැඩ සටහන් සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි උපරිම ආක්ෂාවක් සලසන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම ප්‍රාදේශිය අධීක්ෂණ නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබේ.

විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරුන් සපයනු ලබන ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සෘජු අධික්ෂණයට ලක්කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

Related posts

මාම්පුරි වැල්ලේ සගවා තිබු කහ තොගයක් සොයාගනී

colombotoday

ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු අධිභාරය ඉවතට

colombotoday

කොරෝනා මර්ධනයේ එකම අඩුපාඩුව මුස්ලිම් මරණ ආදාහනය කිරීමයි. ඒ.එල්.එම් අතාවුල්ලාහ් කියයි

colombotoday

රුසියානු එයරොෆ්ලොට් ගුවන් යානයේ නඩුව නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

එජාප – ශ්‍රීලනිප හවුල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි – එස්.බී

colombotoday

BREAKING – ‘දෙමුහුන් යුද අධිකරණයක් එපා’ – පාර්ලිමේන්තුව කල් තබයි

colombotoday