Colombo Today Local News

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

දේශීය ආදායම් (සංශෝධන) පනත අද (19)දින සිට බලාත්මක විය.

එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද අත්සන් තැබුවේය. පනත බලාත්මක වූයේ ඒ අනුවය.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත විය.

එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද අසූ තුනක් ලැබුණු අතර ඊට විපක්ෂව ලැබුණේඡන්ද 41ක් පමණි.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහාද විරුද්ධ පාර්ශවය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද තිස් හයක් පමණි.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස අද සිට බලාත්මක විය.

Related posts

සියළුම වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන් බවට පත්කරනවා!

colombotoday

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා කුස ගින්නේ

colombotoday

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට ගිහින්

colombotoday

ක්ලවුඩ් පද්ධතියේ රඳවා තිබූ රජයේ වෙබ් අඩවි රැසක් බිඳ වැටෙයි

colombotoday

පැනගිය කොවිඩ් ආසාදිත රැඳවියෙක් දෙමටපිටියෙන් හමුවේ

colombotoday

හිටපු ඇමති තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ

colombotoday