Colombo Today Local News

“සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ළඟදීම පටන් ගන්නවා”

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (1)දින පැවැසීය.

දින 50 කින් එය විවෘත කරන බව තමා මුලින් පැවසුවත් ඊට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නැති බව පැවසූ ගම්මන්පිල මහතා එය මිලදී ගැනීමට කිසිවෙකු ඉදිරිපත්වී නැතැයිද කීවේය.

වසර 50කට වැඩි පැරණි එකක් හෙයින් ඊට කිසිදු ඉල්ලුමක් නැතැයිද උදය ගම්මන්පිල මහතා කීවේය.

කෙසේ වෙතත් මෙම තෙල් පිරිපහදුව පවත්වාගෙන යෑම ප්‍රශ්නයක් බවද ඔහු පැවසුවේය.

බලශක්ති අමාත්‍යවරයා මෙසේ පැවසූවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

සජිත් ප්‍රේමදාස පිහිටුවන රජයෙන් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා

colombotoday

බුදු දහමට අපහාස කළ සියලු ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට අධිකරණ නියෝගක්

Admin

දඩ මුදල් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

Admin

“චැනල් 4 වීඩියෝව ඇත්තක්” මංගල සමරවීර ශ්‍රී ලංකා හමුදාව යලිත් පාවා දෙයි

colombotoday

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

colombotoday

කොවිඩ් නව ප්‍රභේදය හමුවීමත් සමගම රට අගුළු දමයිද?

colombotoday