Colombo Today Local News

කොවිඩ් නව ප්‍රභේදය හමුවීමත් සමගම රට අගුළු දමයිද?

ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොවිඩ් නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ පවතින තත්ත්වය යටතේ රට අගුළු දමන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව බවය.

“දිනපතා අපි සාකච්ඡා කරමින් යනවා. අලුත් තත්ත්වයන්ට කොහොමද මුහුණ දෙන්නේ කියන කරුණු ගැන. හැබැයි ඒ වෛරසයටත් මේ එන්නත සාර්ථක ආවරණයක් දෙනවා කියලා තමයි දැනට තියෙන සෞඛ්‍ය මතය. දිගින් දිගටම මේ වෛරසය ප්‍රශ්නයක් වෙනවා නම් විතරයි අපි වෙන වෙන ක්‍රියාමාර්ගවලට යන්නේ. දැනට තියෙන්නේ රට නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගෙන යන අතරේ රෝගීන් වෙන්කර තබා ගැනීම. ආවට ගියාට රට වසා දැමීම කළ නොහැකියි. විශේෂඥ මතය අරගෙන තමයි තීරණයක් ගත යුත්තේ.” යනුවෙන් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Related posts

අටමස්ථානාධිපති හිමියන්ට දුන් අටපිරිකරක ගඩොල් බාගයක්..!

colombotoday

තනතුරින් ගියත් හිටපු ඇමැතිවරු තවමත් නිල නිවාස වල

colombotoday

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව උත්තරීතර මහනායක මාහිමිපාණන් වහන්සේ !

colombotoday

ලොව කිසිදු හමුදාවකට පනවා නැති නීතියක් ශ්‍රී ලංකා හමුදාවට පනවයි

colombotoday

බන්ධනාගාරයෙන් දැන් ශීතකරණත් මතුවෙලා

colombotoday