Colombo Today Local News

“චැනල් 4 වීඩියෝව ඇත්තක්” මංගල සමරවීර ශ්‍රී ලංකා හමුදාව යලිත් පාවා දෙයි

mangala

ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා විසින් යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අපරාධ සිදු කළායැයි චෝදනා කල චැනල් 4 වීඩියෝ දර්ශන සත්‍ය බව විදේශ අමාත්‍යවරයා පිළිගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය විසින් 2009 දී පළමුවෙන් විකාශය කළ දා පටන් මේතාක් කල් රජය ප්‍රකාශ කොට සිටියේ එම වීඩියෝ දර්ශන අසත්‍ය බව යි.

එහි දැක්වෙන අපරාධ හමුදා සාමාජිකයන් විසින් සිදු කොට ඇත්තේ ‘ඉහලින් ලැබුණු අණ’ නිසා බව විදේශ අමාත්‍ය වරයා හිටපු ජනාධිපති වරයාට යවා ඇති විවෘත ලිපියක සඳහන් වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ බවට සැක කළ හැකි නිල ඇඳුමින් සැරසුණු සන්නද්ධ කණ්ඩායමක් දෑත් පසුපසට බැඳි නිරුවත් නිරායුධ පිරිසක් මරා දමන ආකාරය දැක්වෙන පළමු වීඩියෝ පටය චැනල් 4 ආයතනයට ලබා දී තිබුනේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) නමැති NGO කල්ලියක් විසිනි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ යුද අපරාධ දැක්වෙන දර්ශන රැගත් රුපවාහිනී වාර්තා චිත්‍රපට කිහිපයක්ම කැලම් මැක්රේ විසින් අධ්‍යක්ෂණය කරන ලදුව චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලදී.

Related posts

කුකුළු ගොවිපලක ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙදෙනෙකුට කඩු පහර

colombotoday

මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

colombotoday

NMRA දත්ත මැකීම – එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

colombotoday

අයවැය තුන්වැනිවර කියවීමේ තීරණාත්මක අවසන් ඡන්ද විමසීම අද

Admin

රුසියාවේ ඉන්ධන ප්‍රතික්ෂේප කල නිසා ජුනි 10 තෙක් ගුවන්යානා වලට ඉන්ධන නෑ

colombotoday

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

colombotoday