Colombo Today Local News

දින ගණනක මෙහෙයුමකින් අයිස් – හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදාව අල්ලයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවට ඔබ්බෙක් ගැඹුරු මුහුදේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200 කට අධික තොගයක් සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් සහ බහුදින යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්ව දින ගණනක් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බව අද (16)දින ඉන්දික ද සිල්වා පැවසීය.

මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

“අයවැය රහස් හෙළි කිරීමට සූදානම් නැහැ”

colombotoday

නව වසරේ හාල් මිලත් නගී.. කිලෝව 110 – 115 යි !

colombotoday

මේ මොහොතේ සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

පිස්තෝලයක් සහ ජීවිත වැනසිය හැකි භයානක අවියක් සමග හිටපු SI අත්අඩංගුවට

colombotoday

ජනපති තීරණයට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල් දමයි !

colombotoday

“අච්චාරු ආණ්ඩු හැදවම මෙහෙම වෙනව“ යහපාලනය හෙල්ලෙන කතා ගොඩක් විජේදාස කියයි !

colombotoday