Colombo Today Local News

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

ජාත්‍යන්තර බෞද්ධ ජාලය නියෝජනය කරන භික්ෂු භික්ෂුනීහු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා හමුව තිබේ.

මෙම පිරිසට මියන්මාරය තායිලන්තය යනාදී රටවල භික්ෂූ භික්ෂුනීහුද ඇතුළත් වූහ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානාත්මතාව පිළිබඳවත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මෙන්ම ඒ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳවත් සාකච්ඡා කර තිබේ.

මෙහිදි එම කණ්ඩායම විසින් කතානායකවරයාට මියන්මාරයේ සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙන වටිනා ග්‍රන්ථයක් පිළිගන්වා ඇත.

මෙම ග්‍රන්ථය රචනා කිරීමට වසර 30ක් සහ ඉංග්‍රීසි බසට පරිවර්තනය සදහා වසර 20ක් ගතවූ බවත් එය එරට ජාතික උරුමයක් බවත් මියන්මාරයේ භික්ෂූන් වහන්සේලා පැවසූහ.

Related posts

ජුලි මස ආරම්භයේ දී ගෘහස්ත ගෑස් මිල යළි අඩු වෙයි

Admin

ඇමති මලික්ට එරෙහිව තවත් චෝදනාවක්

colombotoday

2019 දී සිසුන් 30,000ක් නියමිත කාලයට පෙර පාසල් හැර ගිහින්

colombotoday

ලෝකෙ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර ඉදිවෙයි.. අතහිත අර්ජුනගෙන්.. වියදම වරායෙන් !

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් පනස් තුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

මන්ත්‍රී ධුරයෙන් වහාම ඉවත් වන්නැයි චම්පික රතන හිමිට කියයි

colombotoday