Colombo Today Local News

වසර තිහක් පැරණියි.. පාර්ලිමේන්තුවට අලුත්වැඩියාවක් ඕනමයි… යන වියදම ගැන කතානායකගෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය පිළිබදව පලවන මාධ්‍ය වාර්තා සහ ප්‍රකාශ පිළිබදව කතානායක මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින්.

“පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙම වසරේ රුපියල් මිලියන දහසක මුදලක් රජය මගින් වෙන් කර ඇති බවට පසුගිය දිනවල ඇතැම් මාධ්‍යයන්හි පල වු වාර්තාවන් අපගේ අවධානයට ලක්ව ඇත.‍

වසර 30ක් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණය මෙරට පොදු ජනතාව සතු දේපලක් වන අතර, අනෙක් ඕනෑම ගොඩනැගිල්ලක් මෙන් කලින් කලට අළුත් වැඩියා කරමින් එය නඩත්තු කිරීම ද අත්‍යාවශ්‍ය වෙයි.

එහි ගෙවී ගිය දශක 03 ක කාලය තුල සිදු කල යුතුව තිබූ නමුත්, අතපසු වූ ප්‍රතිසංස්කරණ රැසක් ද මතුව තිබේයි, කවර දේශපාලන ධාරාවන් යටතේ වුවද රටෙහි ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වන කේද්‍රස්ථානය වන පාර්ලිමේන්තුව නිරන්තරයෙන්ම ලොවපුරා රාජ්‍ය තාන්ත්‍රකයන් පැමිණෙන ස්ථානයක් ද වේ.

මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු කාලානුරූපීව සිදු කිරීමේ අත්‍යාවශතාවය කිසිලෙසකවත් බැහැර කල නොහැක. කෙසේ වෙතත්,අළුත්වැඩියා කටයුතු සදහා රජය විසින් මෙම වසරේ වෙන් කල මුදල රුපියල් මිලියන 200 ක් පමණක් වන බැවින්, මිලියන දහසක මුදලක් වෙන්කර ඇතැයි යන්න මුළුමනින්ම සාවද්‍ය කරුණක් බව අවධාරණය කරමු.

කථානායක මාධ්‍ය අංශය

Related posts

ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

colombotoday

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් ආසදිතව මියයයි

colombotoday

කොටි ආයුධ සැපයුම්කරු රෙජී ගේ ඉන්ටර්පෝල් රතු වරෙන්තුවත් ඉවතට !

colombotoday

ඇගළුම් ආයතනයේ තවත් 246කට කොරෝනා

colombotoday

යතුරු පැදියෙන් ඇවිත්, පාරේ ගිය පාසැල් දැරියකට එන්නතක් විද පලා ගිහින් (Video)

colombotoday