Colombo Today Local News

මුලතිව් බෝධිය යට ඇති බුදු පිළිමයට දෙමළ සන්ධාන මන්ත්‍රීගේ විරෝධය…

මුලතිව් සෙම්මාලෙයි නිරූපයඩි ගණදෙවි කෝවිල අසල ඇති බෝගස යටට හදිසියේම කිසියම් පිරිසක් විසින් බුදු පිළිමයක් තැන්පත් කොට ඇති බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පී.රවිහරන් මහතා පැවසීය.

එහදී රවිහරන් මන්ත්‍රී වරයාගේන් මේ පිළිබඳව විමසීමේදි පවසා සිටියේ

2013 වසරේදී මේ ස්ථානයේ බුදු පිළිමය තැන්පත් කිරීමට ගිය අවස්ථාවේදී ගණදෙවි කෝවිලේ බාරකරුවන් ඊට එරෙහි වීම නිසා යුද හමුදාව එම ස්ථානයේ බුදු පිළිමය තැබීමෙන් වැළකී සිටි බවත් මේ සම්බන්ධයෙන් ඒ කාලවකවානුවේදී පොලීසියට පවා යාමට සිදු වූ බවටයි.

ගණදෙවි කෝවිලට නුදුරින් බෝගසක් ඇති බවටත් ඒ ස්ථානයේ බුදු පිළිමයක් තැබීමට විශේෂ ආසනයක් පවා ඉදි කළ නමුත් විරෝධය නිසා කිසිවෙකුත් බුදුපිළිමය නොතැබූ බව රවිහරන් කියා සිටියේය.

නමුත් කිසියම් පිරිසක් විසින් දැනට දින කිහිපයකට පෙර එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කොට ඇති බවටත් එම ක්‍රියාව පසුපස නව රජයේ යම් බලවේගයක් ක්‍රියාත්මක වන බව පිළිගැනීමට සිදුවන බවද ඔහු පැවසීය.

වසර පහක් මුළුල්ලේම මේ ස්ථානයේ බුදු පිළිමයක් තැබීමට කිසිවෙකුටත් අවශ්‍යතාවයක් නොතිබී හදිසියේම ඒ අවශ්‍යතාවය පැන නගින ලද්දේ කුමන හෝ යටි අරමුණක් නිසා යැයි හිටපු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

සෞදියේදී ලාංකික කතකට ගල් ගසා මරා දැමීමට නියම වේ

colombotoday

ජලාශ කිහිපයක වාන් දොටු අරී

colombotoday

පක්ෂ නායකයා රනිල්, ජනපති අපේක්ෂකයා සජිත් – එජාප සම්මේලනයේදී සම්මත වෙයි

colombotoday

කරාපිටිය රෝහලේ වකුගඩු සැත්කම් නැවතිලා… රෝගීන් දැඩි අසීරුවට පත්වෙයි

colombotoday

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු

colombotoday

අනුමැතිය අවශ්‍යනම් උතුරු පළාතේ ආරක්ෂක අංශ ඉදිකර ඇති රණවිරු ස්මාරක කඩා බිඳ දාන්න වෙනවා. | සුමන්තිරන්

colombotoday