Colombo Today Local News

පක්ෂ නායකයා රනිල්, ජනපති අපේක්ෂකයා සජිත් – එජාප සම්මේලනයේදී සම්මත වෙයි

එළැඹෙන ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන බවටත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ සහයෝගය ලබාගන්නා බවටත් වන යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද පැවැත්වෙන් එජාප සම්මේලන සභාවට යෝජනා කරනු ලැබීය.

එම යෝජනාව පක්ෂ සම්මේලනයට පැමිණි ජනතාවගේ ඒකච්ඡන්දයෙන් සම්මත විය.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ වන බවට ද යෝජනාවක් මෙම විශේෂ මහා සම්මේලනයේදි ස්ථිර කර ගනු ලැබීය.

එම යෝජනාව ද ඒකච්ඡන්දයෙන් සම්මත වූ අතර ඊට අමතරව තවත් යෝජනා කිහිපයක්ද මෙහිදි ස්ථිර විය.

විධායක ජනපති ධුරය අහෝසි කිරීම ඇතුළුව කරගෙන ආ ව්‍යවස්ථා කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යෑමට අදාළ යෝජනාවක්ද මෙහිදී සම්මත කර ගනු ලැබිණි.

Related posts

ඇහැලියගොඩට සංචරණ සීමා

colombotoday

නඩුවකට අදාළ ගිනි අවියක් විකිණීමට තැත් කළ බදුල්ල මහෙස්ත්‍රා අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මැතිසබයට

Admin

අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ වර්ජනය දැඩිවෙයි

colombotoday

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

colombotoday

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ 13 සිට

Admin