Colombo Today Local News

මාධ්‍ය වෘත්තීයට පිවිසෙන්නන්ට පුහුණුවක් දෙන්න වරලත් මාධ්‍යවේදී ආයතනයක්

මාධ්‍ය වෘත්තීයට පිවිසෙන අය සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදීමට වරලත් මාධ්‍යවේදී ආයතනයක් පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයිද ලබන මැයි මාසය වන විට එහි කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාධ්‍යවේදීන්ට වෘත්තීය පුහුණුවක් ලබන ආයතනයක් නොමැති වීම ඓතිහාසික වරදක් හෙයින් ඒ වරද නිවැරදි කරන්නට කටයුතු කරන බවද අලහප්පෙරුම මහතා කීය.

“මාධ්‍ය වෘත්තීයට කියන්නේ හතරවන ආණ්ඩුව කියලයි.නමුත් වෘත්තීය භාවය සහිත මාධ්‍යවේදියා නිර්මාණය කරන්නට අප සමත් වී නැහැ.ලබන මැයි මාසය වන විට වරලත් අධ්‍යාපන ආයතනයේ කටයුතු අරඹන්නට හැකිවෙිවි.

කර්තෘවරුන්ගේ සංසදය ආදියත් මෙහෙයුම් කමිටුව ලෙස තබාගෙන මේ කටයුතු කරන්නට අප බලාපොරොත්තු වනවා.මාධ්‍යවේදී රක්ෂණයක් ගැන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පවසා තිබෙනවා.අප ඒ වෙනුවෙන් ද උත්සාහ කරනවා.සෑම පාසලකම මාධ්‍ය සමාජයක් අරඹන්නට කටයුතු කරනවා. ලබන වසරේ සිට ජනාධිපති මාධ්‍යවේදී සම්මාන උළෙල අැරඹීමට ද කටයුතු කර තිබෙනවා”

මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ගෙන තිබෙන පියවර මොනවාදැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා:-(පොපෙ) යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

Related posts

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ගලවා අනුරගේ පින්තූරය පමණක් එල්ලයි

Admin

බුත්තල නගරයේ සියලු වෙළෙඳසැල් වසා දැමේ

colombotoday

මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර ඖෂධ මණ්ඩලයට ඇමති එරෙහි වෙයි

colombotoday

ඩයනාට එරෙහි පෙත්සම බහුතර කැමැත්ත මත නිෂ්ප්‍රභ කරයි

Admin

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වන දිනය වෙනස් වෙයි

Admin