Colombo Today Local News

ඉන්දියාවෙන් පැන ආ තවත් අයෙක් මුල්ලියාවේලි දී සොයාගනී

නීතිවිරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි පුද්ගලයෙක් මුල්ලියාවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත එම පුද්ගලයා මුල්ලියාවේලි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම පුද්ගලයා 2009 වසරේ දී කටුනායක ගුවන්තොටුපොළින් ඉන්දියාවේ චෙන්නායි බලා පිටව ගොස් තිබේ.

පසුව ඉන්දියාවේ නාගපට්නම් ප්‍රදේශයේ ජීවත්ව සිට ඇති එම පුද්ගලයා 2021 මාර්තු මස 12 වන දින මුහුදු මාර්ගයෙන් අනවසරයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇත.

සැකකරු මාස දෙක හමාරක පමණ කාලයක් සැඟව සිට ඇති අතර, ඉන් අනතුරුව බුද්ධි අංශ තොරතුරු මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (11) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

colombotoday

ඥානසාර හිමිට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා!

colombotoday

සතොසෙන් අතුරුදන් වූ ලියවිලි තොගයක් තිඹිරිසග්යායේ ඉම්රාන්ගේ නිවසෙන් හමුවෙයි… බදියුදීන්ගේ තවත් ගැහිල්ලක් එළියට !

colombotoday

කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

colombotoday

“දැන් 69 ලක්ෂයට ඇපත් නෑ.. ආණ්ඩුව කළේ සැප ගත්ත එක “

colombotoday

(Video) “අපට වැරදුනා.. මේක අශූචි ගොඩක්” – යහපාලනය ගැන සන්නස්ගලගේ අලුත්ම විග්‍රහය

colombotoday