Colombo Today Local News

සතොසෙන් අතුරුදන් වූ ලියවිලි තොගයක් තිඹිරිසග්යායේ ඉම්රාන්ගේ නිවසෙන් හමුවෙයි… බදියුදීන්ගේ තවත් ගැහිල්ලක් එළියට !

තිඹිරිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවසින් සතොසෙන් අතුරුදන්ව තිබූ ලිපිගොනු රැසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම් සමත්වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව මෙතෙක් සොයාගත නොහැකිව තිබූ මෙම ලිපිගොනු හමුවී ඇත්තේ හිටපු ඇමැති බදියුද්දීන්ගේ සොහොයුරාගේ හිතවතකුගේ නිවසිනි. එම හිතවතා බදියුද්දීන් ඇමැතිවරයාගේ සොහොයුරා සමග ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නෙක් බව පැවසේ.

කිලෝවොට් විස්සේ ජෙනරේටර් ගෙන්වන බවට මිල ගණන් පෙන්වා කිලෝවොට් දහයෙ ජෙනරේටර් ගෙන්වීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි මත මෙම විමර්ශන අරඹා තිබිණි.

එම විමර්ශනයට අදාළ කිසිදු ලියකියවිල්ලක් සොයාගත නොහැකි ලෙස අතුරුදන් කර තිබී ඇත. එම හේතුවෙන් රහස් පොලිසිය විමර්ශන අඛණ්ඩව පවත්වාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි.

කෙසේ වෙතත් තිඹිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවස වටලා සොයාගත් ලිපිගොනු අතර මෙම ලිපිගොනුත් හමුවී තිබේ.

​මොහොමඩ් ඉම්රාන් නමැති අය හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සොයුරකු වන බදියුදීන් මොහොමඩ් යන අය සමග දෙහිවල, ටී.පී.ඩී. සිල්වා ඇවනිව්හි ක්‍රසන්ට් බටන් මැනුෆැක්චරිස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙසද කටයුතු කර ඇත.

මොහොමඩ් ඉම්රාන්ගේ නිවසින් සොයාගත් ලිපිලේඛන අතර ඉඩම් ඔප්පු 120ක් පමණ ද හමුවී තිබිණි.

– aruna

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න ඇමති කංචනගෙන් උපදෙස්

Admin

මහින්ද අධිකරණයට

colombotoday

කොටි ගණනක් අස්ථාන ගතවුවේ නෑ. දේවස්ථාන පිළිසකර කලේ ඒ සල්ලිවලින් – මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් නිවේදනයක්

colombotoday

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

colombotoday

හෝමාගම සිසුවෙකුට කොරෝනා සියල්ල නිරෝදායනයට කොරෝනා පරීක්ෂණ 65ක් අවසන්

colombotoday