Colombo Today Local News

“හජ් උත්සවයේදී ගවයන් ඝාතනය කළයුතු බව කුරාණයෙත් කියා තියනවා” ගවඝාතන තහනමට අපෙන් ඉඩ නෑ – අසාද් සාලි

asath sali 236ශ්‍රී ලංකාව තුළ ගව ඝාතන තහනම් කිරීම කිසිසේත් සිදු නොවන බවත්, එවැනි තහනමකට තමන් ඉඩ නොදෙන බවත් මධ්‍යම පළාත්සභා මන්ත්‍රී අසාද් සාලි පවසයි.

රට තුළ ගව ඝාතනය තහනම් කර ගවමස් ආනයනය කිරීමට කටයුතු සලස්වන බවට ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසාද් සාලි මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

හජ් උත්සවයේදී අනිවාර්යෙන්ම ගවයන් ඝාතනය කර ආහාරයට ගැනීම තම ආගමේ පවසන දෙයක් බවත් ඒ පිළිබදව කුරාණයේද සදහන්ව ඇති බවත් පවසන ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ ගව ඝාතනය තහනම් කළහොත් එය සිය ආගමික අයිතීන්වලට බාධා සිදුකිරීමක් වන බවයි.

එබැවින් මුස්ලිම් ජනතාවට ගවයන් ඝාතනය කිරීමේ අවස්ථාව තිබිය යුතු බවත් එය මෙරට ආගමික සහජීවනය තහවුරුවීමට හේතු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

එමෙන්ම ගව ඝාතනය නතර කළහොත් මෙරට ගවගහනය වැඩි වී තවත් ප්‍රශ්න රැසකට මග පෑදෙන බවද අසාද් සාලි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රටේ ඓතිහාසික සංස්කෘතියේ යාවජීව සාමාජිකයෙකු වූ ගව සම්පත ඝාතනය කිරීම පිළිබද කියවූ සංවේදී ගීතයක්

Related posts

ගිනිඅවි සමඟ මුස්ලිම් ජාතික මස්සිනාලා දෙදෙනා අත්අඩංගුවට

colombotoday

අගමැති මහින්ද රාජපක්ෂ සහ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා අතර හමුවක්

colombotoday

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

colombotoday

රුපියල තවත් පහළට

Admin

පොහොට්ටුව දිනූ නිසා සංවර්ධනය අඩාල වුණා.. පොහොට්ටුව දිනූ එක සභාවකටවත් මුදල් ප්‍රතිපාදන දෙන්නෙ නෑ

colombotoday

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday