Colombo Today Local News

හෝටල් කාමරයක හොරොයින් පැකට් කළ කොස්තාපල් මාට්ටු

හෝටල් කාමරයක කාන්තාවක් සමග හෙරොයින් පැකට් කරමින් සිටි හුංගම පොලිසියේ කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 28 මිලි ග්‍රෑම් 580ක් සමග අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට කොග්ගල්ල පදිංචි හුංගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන 32හැවිරිදි කොස්තාපල්වරයෙක් සහ ගන්දර තලල්ල පදිංචි 41හැවිරිදි කාන්තාවකි.

ඔවුන් පැමිණ සිටි මෝටර් රථයද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයා හුංගම පොලිසියේ රාජකාරි කරමින් සිටියදි සැකකාර කාන්තාව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට අනාවරණයවි ඇති අතර ඔවුන් දෙදෙනා හෝටල් කාමරයේ හෙරොයින් පැකට් කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ශ්‍රීපාද අඩවියේ හෝටලය හදන්න අවසර ඉල්ලු පුද්ගලයා කියන කතාව

colombotoday

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටී සෙබළකු අතුරුදහන්… දෙදෙනෙක් රෝහලේ

colombotoday

“ගෝඨා ගැන කියන කතා බොරු…” හිටපු ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

ජනතාව ෆ්ලැට් වෙන්නම බදු ගසා රවී සුපිරි වාහනයක් ගෙනෙයි.. රජයට කෝටි 3ක බදු පාඩුවක් !

colombotoday

බ්‍රිතාන්‍යයේ – ඕස්ට්‍රේලියාවේ සිටින සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට යයි

colombotoday