Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක පාලන මිල ඉවතට

සීනී, පරිප්පු, කුකුළු මස් , අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කර තිබේ.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකිනි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීට පෙර ප්‍රකාශයට පත්කර තිබූ ගැසට් පත්‍ර 07 ක් ඊයේ රාත්‍රීයේ නිකුත් කළ නව ගැසට් නිවේදනය මගින් අවලංගු කර තිබේ.

ඒ අනුව,

  • සැප්තැම්බර් මස 02 වන දින සුදු සහ දුඹුරු සීනි සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය
  • 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු , බී ළූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රය
  • බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රය
  • 2020 වර්ෂයේ මාර්තු 12 වන දින කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය
  • 2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල , පොල් , වියළි මිරිස් , උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය
  • 2017 වර්ෂයේම ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන් , මුං ඇට , ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රය
  • 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල , තිරිඟු පිටි , ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත්‍රය

යන ගැසට් පත්‍ර නව ගැසට් නිවේදනය මගින් අවලංගු කර තිබේ.

මේ අතර ආනයනික් සහල් කිලෝග්‍රැම් එකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ බද්ද පසුගිය 02 වැනිදා සිට මාස 6 ක කාලයක් සඳහා ශත 25 දක්වා අඩුකර තිබේ.

මීට පෙර ආනයනික සහල් කිලෝග්‍රැමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ බද්ද රුපියල් 65 කි.

ඒ අනුව ආනයනික සම්බා , නාඩු සහ කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ බද්ද අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

Related posts

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin

“කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගිහින් ලබා දෙනවා”

colombotoday

පාස්කු වාර්තාව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය වෙන ප්‍රකාශනයක් | අස්ගිරි සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියෝ කියති.

colombotoday

රටම කඳුළින් තෙත් කළ සුනාමි ඛේදවාචකයට 18 වසරක් ගෙවී අවසන්

Admin

වවුනියාව මුස්ලිම් හෝටලයකින් බෝම්බ හා පතුරම් තොගයක් හමුවෙයි

colombotoday

අන්තවාදීන් බිහිකරන මද්‍රසා නීතිගත කරන්න එපා. ඉස්ලාම් අධ්‍යාපන ක්‍රමයට බොදු බලෙන් යෝජනාවලියක්

colombotoday