Colombo Today Local News

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඊ. කුෂාන් කටුනායකදී අත්අඩංගුවේ

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ඊ. කුෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (29) අලුයම ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊ. කුෂාන් නමැත්තාට ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම, ඒ සඳහා සහ බලපෑම් කිරීම, මිනිස් ජාවාරම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇත.

සැකකරුගෙන් මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

Related posts

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකුගෙත් පුටු මාරු වෙයි

colombotoday

සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin

මාස දෙකකට පෙර මා කීදේ ඇත්ත වුණා.. මට පොලිස් ඇමතිකම දුන්නානම් මෙහෙම වෙන්නෑ

colombotoday

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි නොවෙයි

colombotoday