Covid 19

ලෝකයම අවදානමේ.. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේද ලෝකය පුරා වේගයෙන් පැතිරීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

ඒ හේතුවෙන් ඇතැම් කලාපවල ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි එම සංවිධානය පුරෝකථනය කර තිබේ.

මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 194ක් වන තම සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ සිය රටවල එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතා හඳුනාගෙන වේගවත් කරන ලෙසය.

ඒ අනුව අත්‍යවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ එන්නත්කරණ කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන්නැයි එම සංවිධානය ලෝකයේ රටවලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

මේ අතර වැඩිවන සිද්ධි සංඛ්‍යා අපේක්ෂාවෙන් සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා සැලසුම් සකස් කරන ලෙසද ඉල්ලා ඇත.

Related posts

ඊයේ තහවුරු කල තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

ඒකල කර්මාන්ත ශාලාවක 39කට කොවිඩ්

colombotoday

නව ආසාදිතයින් 198ක්

colombotoday

නව ආසාදිතයින් 918ක්

colombotoday

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

colombotoday

අන්තවාදීන් භාරව සිටි සැරයන් ඇතුළු පොලිසියේ තිදෙනකුටත් කොවිඩ් වැලදීලා

colombotoday