Colombo Today Local News

තවත් ගෑස් පිපිරීමේ සිද්ධි 3ක්. දැනට අනතුරු 5යි

පාදුක්ක, හංවැල්ල සහ හැටන් යන ප්‍රදේශවලින්ද ගෑස් පිපිරීම් සිද්ධි 3ක් වාර්තා වී තිබේ.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ගෑස් අනතුරු සිද්ධි සංඛ්‍යාව 5කි.

හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ නිවසකට රැගෙනවිත් තිබූ ගෑස් සිලින්ඩරයක් ඊයේ (28) රාත්‍රියේ ගෑස් ලිපට සවිකර වතුර උණු කිරීමේදී පිපිරීමක් සිදුවී තිබුණි.

ගෑස් ලිප එලෙස පිපිරීමට ලක්වූ බව නිවසේ හිමිකරු පවසයි.

අදාළ සිලින්ඩරය නිවසට රැගනවිත් දින කිහිපයක් ගතවී තිබුණ ද ඊයේ දිනයේ එය ක්‍රියාත්මක කර තිබූ බවද ඇය පැවසුවාය.

“වතුර උණු කරන්න ගෑස් ලිප පත්තු කළා. ටික වෙලාවක් යද්දි ලිප පිපිරුවා. අපි ඉක්මණට ගෑස් සිලින්ඩරය අයින් කළා. ගෑස් නියෝජිතයට කතා කරලා කිව්වා. එයා ඇවිත් සබන් වතුර දාලා බැලුවාම.. සිලින්ඩරයේ වෑල් එකෙන් පෙන ආවා. අපි පුරුද්දක් ලෙස ගෑස් සිලින්ඩරය නිවසෙන් එළියේ තියලා තමයි පාවිච්චි කරන්නේ.”

සිද්ධිය සම්බන්ධයෙන් නිවැසියන් හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.

මේ අතර පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ ආපනශාලාවක ගෑස් ලිපකට සම්බන්ධ කර තිබූ ගෑස් බටය පුපුරා ගොස් තිබේ.

එහි හිමිකරු සඳහන් කර ඇත්තේ, ගෑස් ලිප ක්‍රියාත්මක නොවී තිබූ අවස්ථාවක මෙම පිපිරීම සිදුවූ බවය.

“වැඩ ඉවර කරලා ගෑස් ලිප ඕෆ් කරලා තිබුණේ. බටෙත් එක්ක තමයි පිපිරුවේ. මේක ලේයර් 3ක් තියෙන අලුත් බටයක්. සිලින්ඩරය දින කිහිපයක් පාවිච්චි කරලා තිබුණේ.”

ගැස් කාන්දුවක් හේතුවෙන් තවත් ආපනශාලාවක පිපිරිමක් සිදුවී ඇතැයි වාර්තා වෙයි.

අද (29) උදෑසන එම අනතුර සිදුවී ඇත්තේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකය.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

අදාළ ආපනශාලාවේ හිමිකරු කියා සිටියේ,

” මම කාලයක් තිස්සේ ආපනශාලාව පවත්වාගෙන යනවා. අද උඈසන ආහාර පිසිමින් සිටියදී ගැස් ටැංකිය සහ ගැස් ලිප අතර ගැස් නලය එකවරම පුපුරා ගොස් ගින්නක් ඇති වුණා.”

අනතුරෙන් ආපනශාලාවට හානි සිදුවී තිබේ.

පොල්ගස්ඕවිට සියඹලාගොඩ රණවිරු ප්‍රේමසිරි මාවතේ පිහිටි නිවසක හිමිකරු ඊයේ මිලදීගත් ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවීමේ සිද්ධියක් අද පෙරවරුවේ වාර්තා විය.

එම ගෑස් සිලින්ඩරයේ වෑල්වයෙන් ගෑස් කාන්දුවන ආකාරය නිවසේ හිමිකරු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

මේ අතර ජා ඇළ, තුඩැල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රීයේදී ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක් සිදුවූ බව වර්තා විය.

Related posts

සොර කමකට නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ජනපතිට විරුද්ධ නඩු ෆයිල් අරන් NGO ලොක්කියක් රට පනී… ලන්ඩන් කොටි ක්‍රියාකාරිනියකගේ නිවසේ නවතී… ස්විස් පැන්න කන්දප්පාගේ හිතවතියක් !

colombotoday

ශ්‍රීලනිපයේ ඉන්නේ මහ ලේකම්වරු නෙවෙයි ‘මහ කේලම්වරුයි‘ – මහින්දානන්දගේ සහයට ආ ඩිලාන්ගෙන් දුමින්දට අමරවීරට ප්‍රහාරයක්

colombotoday

Online ක්‍රම වලට මත්ද්‍රව්‍ය ජාවාරම් කල 316 පොලිස් දැලේ

Admin

ඇඳිරී නීති කොන්දේසි උල්ලංඝණය කරමින් කටයුතු කිරීම නීතියට අනුව වරදක් – අරගලකරුවන්ට පොලිසියෙන් පණිවිඩයක්

colombotoday

ශ්‍රී ලංකාවට ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සැකසීම NGO ඒජන්තයෙක් අතට !

colombotoday