Colombo Today Local News

සොර කමකට නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

මීතොටමුල්ල ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක සවිකර තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු ඊයේ (15)දින අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 සහ 52 හැවිරිදි වියේ පසුවන මන්ත්‍රීවරු දෙදෙනෙකුය.

ඔවුන් අද (16) දින කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතවය.

අදාළ යන්ත්‍රය මිලදී ගත් සහ ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Related posts

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday

වැලිසර වගේ මිනුවන්ගොඩ පොකුරත් ව්‍යාප්ත වෙන්න පුළුවන් : සුදත් සමරවීර

colombotoday

මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාරයන්ට අවැසි මධ්‍යස්ථානයක්

colombotoday

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

colombotoday

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

colombotoday