Colombo Today Local News

වීසා ගැන ඇමති ටිරාන් අලස්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරන වීසා ක්‍රමවේදය සරල කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත සහ ඒ යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසි වලට අනුකූලව මෙරටට පැමිණෙන විදේශිකයන් හට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලබයි.

පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා වර්ග දෙක යටතේ නිකුත් කරනු ලබන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙන වැඩි විදේශීය ආකර්ෂණයක් පවතින රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන ලැබ ඇතැයි රජය පවසයි.

ඒ අනුව, වර්තමානයේ ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Related posts

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

colombotoday

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගනී

colombotoday

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිද? නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා

colombotoday

‘පෙරළියක ඇරඹුම‘ ඇරඹෙයි.. සජීවී විකාය (LIVE)

colombotoday

ජනපතිගෙන් රුසියාවේ නාදුනන සොල්දාදුවාගේ ස්මාරකයට උපහාර (Photo)

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday