Colombo Today Local News

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිද? නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමට අදාළ විශේෂ පනත්කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර එදින නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා විසින්ම කරුණු දැක්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව හතක් විසින් අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

දින දෙකක් තිස්සේ එම පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවතුණි.

ඊයේ (19) පස්වරුවේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී සිටියේ අදාල පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ රහසිගත තීරණය කථානායකවරයා වෙත යොමු කරන බවයි.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටින්නේ රජය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමට අදාළ විශේෂ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත වගන්ති සමහරක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ඒ තුළින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් මෙන්ම ස්වෛරීභාවයට ද අගතියක් සිදුවන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Related posts

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

වකුගඩු ඡාවාරමේ විමර්ශන වලදී වෘෂණ කෝෂ ජාවාරමකුත් හෙළිවෙයි

Admin

යහපාලනය සිංහයාගේ වලිගය පෑගුවා: යෝෂිත හිර කිරීම ගැන රෝහිත කියන කතාව

colombotoday

සිවාජිගේ විරෝධයෙන් යාපනේ “සංඝමිත්තා – මිහිඳු – කාවන්තිස්ස” ප්‍රතිමා ඉවතට

colombotoday

පාසැල් එන සදුදා සිට විවෘතයි

colombotoday

යතුරුපැදි සොරා ගෙන මස් කල දෙදෙනෙක් අල්ලයි

Admin