Colombo Today Local News

අධිවේගයේදී වැට පැනල බස් මාරු කරපු රියදුරන්ට උනුදේ

අධිවේගී මාර්ගයේදී බස්රථ නවතා මාරුවූ රියදුරන් දෙදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ හුවමාරුවේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පවත්වා තිබුණි.

එලෙස අත්අඩංගුවට ගැනුණු රියදුරන් දෙදෙනාව මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් ධම්මික උඩුව විතාන මහතා වෙත ඉදිරිපත් කෙරුණි.

එහිදී එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කොට දැඩි ලෙස අවවාද කිරීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

මෙම බස් රථ කඩවත අම්බලන්ගොඩ ධාවනය වන අතර දොඩංගොඩ 38 3 කණුව ආසන්නයේදී මෙසේ බස්රථවලින් බැස රියදුරන් මාරුවී තිබුණි.

Related posts

කප්පම් ගන්න ගිය ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ගිය සතිය තුළ පමණක් විදෙස් ණයබර කෝටි 4700කින් ඉහළට..

colombotoday

පොදු ස්ථාන තහනම් කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

දුම්කොළ අඩංගු බුලත්විට විකිණීම අද සිට තහනම්.. අහුවුණොත් නඩු !

colombotoday

අයවැයට සහයෝගය දීමේ හිලව්වට විග්නේෂ්වරන් සිරකරුවන් ඉල්ලයි

colombotoday

භික්ෂූන් වහන්සේලා දෙදාහක් සමග පැවිදි හඩත් ජන සටන පාද යාත්‍රාවේ

colombotoday