Colombo Today Local News

‘ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ’

තමා ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව “පෞද්ගලීකරණය” වන්නේ නැතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද සදහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදේශ මුදල් කළමනාකරණයේදී ඉන්ධන පිරිපහදු කිරීමට වඩා පිරිපහදු කරන ලද ඉන්ධන ගෙන්වීම ලාභදායී බව පැවසූ ගම්මන්පිල මහතා විදේශ මුදල්වල ප්‍රශ්නයක් මතු වුවහොත් තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව තමා දැනුම් දුන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේදී බවද සඳහන් කළේ‍ය.

මෙහිදී අදහස් දැක්වූ හේශා විතානගේ මහතා තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් රටේ ජනතාව තුල යම් සැකයක් මතුව ඇති හෙයින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලීමක් කළේය.

Related posts

නව නාවික හමුදාපති ලෙස නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කෙරේ

colombotoday

“හැමෝගෙන්ම බැනුම් අහන මේ විදිහේ අයවැයක් හැදීමත් අභියෝගයක්” බන්ධුල කියයි

colombotoday

“විල්පත්තුවට හානියක් නෑ… කපා ඇත්තේ වෙනත් වනයක්“ – ජනපති කියයි

colombotoday

තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියාත් ගෙල වැලලා ගනී

colombotoday

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

Admin

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday