Colombo Today Local News

තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියාත් ගෙල වැලලා ගනී

කහටගස්දිගිලියේ කුකුලෑව ප්‍රදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වේ.

පහරදීමෙන් එක් කාන්තාවක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් කාන්තාව බරපතල තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

එලෙස මිය ගිය කාන්තාව සිටි ස්ථානයට නුදුරින් ඇති ගසක සැකකරු ගෙල වැළලාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වු කාන්තාවක් සහ අවුරුදු 46ක් වු පුද්ගලයෙක්.

මියගිය දෙදෙනා අඹුසැමියන් වන අතර මියයන විට වෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කහටගස්දිගිලිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday

එක්වෙනවාද, නැද්ද.. තීරණාත්මක සාකච්ඡාව අද

colombotoday

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

මානව හිමිකම් කොමිෂමෙන් රජයට වගකීමක් මතක් කරයි

colombotoday

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය හමුවෙයි

colombotoday

මම පොලිසිය පොලිෂ් කරනවා. – ජනපති කියයි

colombotoday