Colombo Today Local News

විදෙස්ගත ශ්‍රමිකයින්ට මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

විදෙස්ගතව රැකියාවල නිරතවී සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

විදේශයන්හි සේවා නියුක්ත පුද්ගලයින් මෙරට සිටින ඔවුන්ගේ පවුලේ උදවිය වෙත රුපියල් 20,000 කට සමාන හෝ ඊට වැඩි විදෙස් මුදලක් එවන සෑමවිටම ප්‍රේෂණ ගාස්තු ප්‍රතිපූරණයක් ලෙස රුපියල් 1,000ක දිරිදීමනාවක් ලැබෙන බව එම නිවේදනය මගින් මහ බැංකුව සදහන් කර ඇත.

මෙම දීමනාව බලපත්‍රලාභී බැංකුවකින් හෝ විදේශ ප්‍රේෂණ නියෝජිතයාගෙන් ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

දීමනාව අදාළ වන්නේ බලපත්‍රලාභි බැංකුවල පවත්වාගෙන යනු ලබන රුපියල් ගිණුම්වලට ලැබෙන විදේශ ප්‍රේෂණ සහ කවුන්ටරයෙන් සෘජුවම රුපියල් ලෙස ලබාගන්නා විදේශ ප්‍රේෂණ සඳහා පමණි.

විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන අංක – 0112 477 426 ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
විද්‍යුත් තැපැල -frfd@cbsl.lk

Related posts

ගිලන් රථ රියැදුරකුට පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂක රිමාන්ඩ්

colombotoday

වැට් බද්දට සංශෝධනයක්.. පුංචි සහනයක් දෙන්න තීරණය වෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිල සමාලෝචන වාර්තාව අද එළිදකී

Admin

ක්ෂේත්‍ර තුනකින් බදු ඉවත් කරන්නැයි අගමැතිට ඉල්ලීම්

colombotoday

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

colombotoday

විශ්වාසභංගයෙන් දිනුවේ අගමැති නෙවෙයි දෙමළ සන්ධානයයි.. අගමැති ආලවක යකාට අහුවුණා වගේ !

colombotoday