Colombo Today Local News

ක්ෂේත්‍ර තුනකින් බදු ඉවත් කරන්නැයි අගමැතිට ඉල්ලීම්

tax

සෞඛ්‍ය, සන්නිවේදන සහ තොග සිල්ලර වෙළෙඳාම් සඳහා වැට් බදු සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ යෝජිත බදු සංශෝධනය හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි පීඩාවකට ලක්වනු ඇති බවයි.

මැයි මස 02 වන දින සිට සියයට 11ක්ව පවතින වැට් බද්ද සියයට 15 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති අතර එය සෞඛ්‍ය, සන්නිවේදන යන ක්ෂේත්‍රවලට ද ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

මේ හේතුවෙන් අදාළ බදු සංශෝධනය නතර කර සමස්ත පාරිභෝගික ජනතාවට සහන සැළසීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.

Related posts

මල්වඩම් ගැන කතා කරන අයට දකුණට මළමිනී ඒම නතර කරපු නායකයා අමතක වෙලා – නිරෝෂන් ප්‍රෙම්රත්න

colombotoday

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin

තවත් දූෂිත බන්ධනාගාර නිලධාරීන් 33ක් හඳුනා ගනී

colombotoday

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

colombotoday

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

colombotoday