Colombo Today Local NewsTop Stories

විශ්වාසභංගයෙන් දිනුවේ අගමැති නෙවෙයි දෙමළ සන්ධානයයි.. අගමැති ආලවක යකාට අහුවුණා වගේ !

විශ්වාසභංගයෙන් ජය ලැබිමට දෙමළ සන්ධානයේ කොන්දේසිවලට අගමැතිවරයා එකඟවීම අලව් රජු ආලවක යකාට හසුවුණා වගේ භයානක සිදුවීමක් යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ කියති.

විශ්වාසභංගයේදී අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තම අරමුණු ඉටු කර ගත්තේ දෙමළ සන්ධානය බවත් ඒ අනුව බලනවිට විශ්වාසභංගයෙන් ජය ලබා ඇත්තේද අගමැති නොව දෙමළ සන්ධානය බවත් විපස්සි හිමියෝ අවධාරණය කරති.

‘දවසක් අලව් රජතුමා කැළයේ දඩයමේ යනවිට ආලවක යක්ෂයාට හසුවුණා. යකා රජ්ජුරුවන් මරාගෙන කන්න හැදුවා. රජු යකාට පිං සෙන්ඩු වුණා තමන් නිදහස් කරන්න කියලා. යකා රජු නිදහස් කළේ හැමදාම මිනිස් බිල්ලක් හා බත් මුලක් දෙන ‍පොරොන්දු මතයි. රජු මාළිගාවට ආවට පසු මේ ‍පොරොන්දුව දැන ගත් රාජ පුරුෂයන්, පුරෝහිතයන් රජුට කිව්වේ ඔබතුමා යකාගෙන් බේරුණා ඒක නම් හොඳයි. ඒත් ‍පොරොන්දුව භයානකයි කියලයි. කොහොම නමුත් සිරකරුවකු බැගින් දිනපතාම යකාට බිල්ලට යවන්න රජුට සිදු වුණා.

එක් අයෙකුගේ බලය රැක ගැනීමට රටක් විනාශ කළයුතු නැහැ. දෙමළ සන්ධානයේ කොන්දේසි අතර ඉතා භයානක වගන්තියක් තිබෙනවා. මීළඟ මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාව තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කරන ලෙස ඔවුන් ඉල්ලනවා. දැනට ව්‍යවස්ථාවේ වගන්ති 20ක් පමණ සංශෝධනය කර තිබෙනවා. ඉන් වැඩි හරියක්ම කරලා තියෙන්නේ උතුරේ දේශපාලන නායකයන්ගේ අවශ්‍යතා සපුරන්නයි. මේ අය දැන් ඉල්ලන්නේ පෙඩරල් පාලනයක්.

අද උතුරු නැගෙනහිර ඇතුළු රටේ ජනතාවට තිබෙන්නේ ජීවත්වීමේ ප්‍රශ්නයයි එයයි විසඳිය යුත්තේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දෙමළ සන්ධානය ඉල්ලනවා. ලංකාවේ දේශපාලන සිරකරුවන් කියා පිරිසක් නැහැ. ඉන්නේ ත්‍රස්තවාදී සිරකරුවනුයි. මිනිස් ජීවිත බිලිගත් මහ භයානක ත්‍රස්තවාදීන්ට නිදහස් ගන්නයි. ඒ අය උත්සාහ කරන්නේ. එසේම උතුරේ අයට පමණක් උතුරේ රැකියා දෙන ලෙස ඉල්ලනවා. උතුරු නැගෙනහිර දිස්ත්‍රික් ‍ලේකම්වරු ලෙස දෙමළ ජාතිකයන් පමණක් පත් කරන ලෙස දෙමළ සන්ධානය කොන්දේසි දමා තිබෙනවා.
‍පොලිස්පති, අගවිනිසුරු ආදී ඉහළ තනතුරුත් දෙමළ ජාතිකයන් දැරුවා. අදත් රජයේ ඉහළ තනතුරුවල දෙමළ ජාතිකයන් ඉන්නවා. එහෙම තියෙද්දිත් මේ අය උතුරු නැගෙනහිර දෙමළ දිස්ත්‍රක් ‍ලේකම්වරුන් හතරක් ඉල්ලන්නේ ඇයි. දෙමළ සන්ධානය උත්සාහ කරන්නේ අනවශ්‍ය බෙදීමක් රටතුළ හදන්නයි රට වර්ගීකරණය කිරීමටයි. මේ අය උත්සාහ කරන්නේ.

දෙමළ සන්ධානයේ කොන්දේසි දෙස බැලූ විට පෙනී යන්නේ ඔවුන් ප්‍රභාකරන් ජීවමාන කිරීමට උත්සාහ කරන බවයි. මේ අතිශය භයානක කොන්දේසි ඉටු කිරීමට අගමැතිතුමා සූදානම් නම් එය දේශපාලන දිවි නහගැනීමක් වේවි.

ඇත්තටම උතුරේ පවතින්නේ ජනවාර්ගික අර්බුදයක් නොව උස්පහත් බේදයක් පමණයි. එය විසඳා ගත්තට නම් කිසි ප්‍රශ්නයක් නැහැ.

එසේම අභියෝග ඉදිපත් කරන අය තුන්කල් බලා එය කළ යුතුයි. අදුරදර්ශි ක්‍රියා නිසා සියල්ල අවුල් වී යනවා යැයිද හෑගොඩ විපස්ස හිමියෝ කීහ.

ලක්බිම

Related posts

වත්මන් ආණ්ඩුවට රට විරුවන්ට වඩා බෝරා මුස්ලිම්වරුන් වටින්නේ මුදල් නිසාද?

colombotoday

කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

කොළඹ දූවිල්ල පෙබරවාරි මැද තෙක්

colombotoday

කොටකෙතනේ 6ක් ඝාතනය කළේ ‘එකෙක්’බව DNA පිරික්සුමෙන් තහවුරු වෙයි

colombotoday

පොහොර සහනාධාරය වෙනුවට මුදල් දීමෙන් ගොවියාට අසාධාණයක් නෑ – රතන හිමි

colombotoday

අද ගෑස් බෙදා දෙන අලෙවි ස්ථාන මෙන්න

colombotoday