Colombo Today Local News

තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිදි යහනේ දී පුද්ගලයකු කපා කොට ඝාතනය කරයි

පාදුක්ක තුන්නාන ගම්මැද්ද නිවෙසකට තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙක් ඇඳක නිදා සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන්නාන ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි හේමන්ත පුෂ්පකුමාර කුමාර නොහොත් ගංජා හේමන්ත 45 නමැත්තෙකි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පදිංචි නිවසේ නොසිට ආරක්ෂාව පතා වෙනත් නිවසක කාමරයක නිදා සිටියදී තියුණු ආයුධ දෙකක් රැගෙන එම නිවසට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු නිදාසිටි ඇද මතදීම ඔහුව කපා කොටා ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා ගංජා ජාවාරමේ යෙදෙන්නෙක් වන අතර තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ වූවෙක් බවත් ඊට අමතරව ඔහුට විරුද්ධ ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නඩුවක් ද විභාග වන බවත් පොලිසිය කියයි.

තවද කාන්තාවක් සම්බන්ධයෙන් ආරවුලක් ද තිබෙන බවටත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඝාතනයට පැමිණි පුද්ගලයන් දෙදෙනා මෙතෙක් හඳුනා ගෙන නැතැයි පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

Related posts

2024 අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට

Admin

අයි.එම්.එෆ් යෝජනාවට නිදහස ජනතා සභාවේ ඡන්දය නෑ

Admin

ලෝකෙ ලොකුම නත්තල් ගහේ වැඩ නවතී.. අගරදගුරු ප්‍රකාශයෙන් අර්ජුන පසුබසී !

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.

colombotoday

චීන්නුන්ට දුන් සයිනොෆාම් එන්නත්තේ ඉතිරිය ලාංකිකයන්ටත් දෙන්න යයි | නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ එන්නේ පෙනහළුවලට හානි වූ පසුවයි.

colombotoday