Colombo Today Local News

රංගජීව ඇතුළු කණ්ඩායම⁣ට වෙඩි තබා පළා ගිය සැකකාර මාහීර් මොහොමඩ් නවාස් ඉන්දියාවේ දී අත්අඩංගුවට

2017 වසරේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දල දී වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දීයාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා මත්‍ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මේ වන විට මධුරේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයේ රඳවා තබා ගෙන සිටින බව ඉන්දියාවේ ජාත්‍යන්තර පොලීස් ශාඛාව විසින් නිල වශයෙන් දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

2017 මැයි 9 වන දින පොලිස් නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එම වෙඩි තැබීමෙන් පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලබා පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු තවත් නිලධාරියෙක් තුවාල ලැබීය.

එමෙන්ම එම සිද්ධියෙන් දරුවන් තිදෙදෙනකු තුවාල ලැබු අතර පසුව රෝහල්ගත කර සිටිය දී 11 හැවිරිදි එක් දරුවෙක් ජීවිතක්ෂයට පත්විය.

එම සිදුවීමේ දී පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටිමින් එම අපරාධය සිදුකළ පුද්ගලයෙකු ලෙස මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා හඳුනාගනු ලැබීය.

එම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව නවාස් නැමැත්තා ඉන්දියාවට පළාගොස් තිබු අතර, අපරාධකරුවන්ට තොරතුරු ලබාදීම යන චෝදනා ඔහුට එල්ල වී තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මොහොමඩ් මාහීර් මොහොමඩ් නවාස් නැමැත්තා පොරුතොට හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවෙකු ලෙස වාර්තා වී තිබේ.

ඉදිරියේ දී සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා උදර්පණ නීතිය යටතේ කටයුතු සුදානම් කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

මට මඩ ගැහුවා… දැන් මරණවා කියා තර්ජණය කරනවා – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

නඩුවට සම්බන්ධව රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් අධිකරණයෙන් ඉල්ලයි

Admin

ෂෙහාන් මාලක ගමගේ CID අත්අඩංගුවට

colombotoday

සීගිරියෙන් දිනකට ලක්ෂ 30ක ආදායමක් එත් රැකගන්න කව්රුත් නෑ

colombotoday

කාන්තාවන්ට වෙනම බස් සේවයක් මඩකලපුවේ ඇරඹේ !

colombotoday

CSN කෝටි 15ක් රාජසන්තකයි !

colombotoday