Colombo Today Local News

“ව්‍යවස්ථා සංශෝධනයෙන් බුද්ධාගමට, ඒකීය භාවයට හානියක් නෑ” – ෆයිසර් මුස්තාපා

mustaphaයෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ඒකීය භාවය හා බුද්ධාගමට හිමි තැන කිසිදු අයුරකින් සංශෝධනයට ශ්‍රීලනිපය ඉඩ නොතබන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසයි.

එය ශ්‍රීලනිපයේ ද ස්ථාවරය බවත්, එකී ව්‍යවස්ථා සංශෝධනය ස්ථාවර නියෝගවලට පටහැණි නොවන බවත්, අමාත්‍යවරයා කියයි.

ශ්‍රීලනිප මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සඳහා ශ්‍රීලනිපයේ යෝජනා 9ක් කථානායකවරයා වෙත බාරදී ඇතැයිද මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඊට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන කියමනේ නව යන කොටස ඉවත් කළ යුතු බවද සඳහන් බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

colombotoday

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

රවීගේ අයවැයෙන් ජනතාවට අවාසියි.. ඒකාබද්ධ විපක්ෂයට වාසියි !

colombotoday

තුන්වන දා කොළඹ වටලන්න අන්තරේ සූදානමක්!

colombotoday

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday