Colombo Today Local News

මූල්‍ය සේවා සැපයීම මත VAT බද්ද 3%කින් ඉහළට

එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි.

එසේ අනුමැතිය හිමි වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයන් ඊයේ (22)දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය.

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ අංක MF/FP/32/CM/2021/212 හා 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් බදු ප්‍රතිපත්ති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත පිළියෙල කර තිබේ.

ඒ අනුව 2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත.

එයට අමතරව ඕනෑම වසංගත තත්ත්වයක් හෝ මහජන හදිසි තත්ත්වයකදී රජයේ රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග පමණක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරිම සඳහා මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.

මෙම බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පොඩි ලැසීගේ සමීපතමයෙක් අල්ලයි

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු 4ක් CID අත්අඩංගුවට

colombotoday

ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවෙයි

colombotoday

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin

පාරිභෝගිකයන් එළවළු ග්‍රෑම් 25 ත් මිලදී ගනී – වෙළදුන් පඩි නොමැතිව අතමිට මොලවා හිතේ බරට කිරයි

colombotoday

22 ගැසට් කරයි

colombotoday