Colombo Today Local News

සති අන්තයේ මාර්ග කිහිපයක් වැසෙයි… විකල්ප මාර්ග ගැන පොලීසියෙන් දැනුම්දීමක්

ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව හෙට (08)දිනයේ සිට ගම්පහ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව 47 වන ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වෙන හෙට සහ අනිද්දා (09) යන දෙදින ගම්පහ නගර ආශ්‍රිතව පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

01) හෙට දහවල් 2.00 සිට අනිද්දා සවස 6.00 දක්වා ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ ‍Y හංදිය ( ගම්පහ නගරයට ඇති පරණ පාර සහ අලුත් පාර හමුවන ස්ථානය ) සිට ජා ඇල වට රවුම දක්වා ගම්පහ දෙසට දිවෙන මාර්ගයේ මංතීරු දෙක සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබේ.

  • මිනුවන්ගොඩ සිට ගම්පහ නගරයට ඇතුළු වීමට විකල්ප මාර්ග ලෙස පරණ මිනුවන්ගොඩ මාර්ගය භාවිතා කළ හැකිය.

02) හෙට සහ අනිද්දා දිනයන්හි දී ජා ඇල වට රවුමේ සිට මිනුවන්ගොඩ මාර්ගයේ ‍Y හංදිය දක්වා වූ ගම්පහ නගරයට ඇතුළු වන හා නගරයෙන් පිටවන මාර්ගය අලුයම 5.00 සිට 6.00 දක්වා, උදෑසන 8.00 සිට 10.00 දක්වා, දහවල් 1.00 සිට 3.00 දක්වා සවස 4.00 සිට 6.00 දක්වා කලය තුළ මංතීරු හතරම සම්පූර්ණයෙන් වසා දැමෙනු ලැබේ.

  • ගම්පහ නගරයෙන් පිටවන සහ නගරයට ඇතුළු වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස පරණ මිනුවන්ගොඩ මාර්ගය භාවිත කළ හැකිය.

03) හෙට දින සවස 4.00 සිට 6.00 දක්වා ගම්පහ ජා ඇල වට රවුමේ සිට කිරිදිවිට හංදිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමෙනු ලැබේ.

  • විකල්ප මාර්ග ලෙස ජා ඇල දෙස සිට ගම්පහ දෙසට පැමිණෙන වාහන කිරිදිවිට හංදියෙන් උඩුගම්පල දෙසට යොමු කර අස්ගිරිය වල්පොල හංදියෙන් ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයට ද උඩුගම්පල හංදියෙන් ගම්පහ මිනුවන්ගොඩ දෙසට ගමන් කළ හැකිය.
  • ගම්පහ දෙස සිට ජා ඇල දෙසට ගමන් කරන වාහන ජා ඇල වට රවුම අසලින් ඇති පහලගම මාර්ගය ඔස්සේ මාකිලංගමුව හංදිය දක්වා ගොස් දකුණට හරවා කිරිදිවිට හංදිය ඔස්සේ ජා ඇල දෙසට ගමන් කළ හැකිය.

Related posts

මහින්දගේ ජාතික පෙරමුණ සුදු නෙළුමෙන් එයි.. නම ඉදිරියේදී

colombotoday

කම්කරු මරණයකදී ගෙවන වන්දිය ලක්ෂ 20ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු සිව්දෙනෙකුගෙන් අගවිනිසුරුට ලිඛිතව පැමිණිල්ලක්

colombotoday

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

අස්ගිරි – මල්වතු උපසම්පදා විනය කර්ම දින නියමයක් නැතිව කල් දමයි

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : හේමසිරි සහ පූජිත්ගේ නඩු අවසන්

colombotoday