Colombo Today Local News

‘ජාත්‍යන්තරය හිනස්සවන වෙළද ඇමති ධූරයෙන් ඉවත් කරන්න’ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් වර්තමාන වෙළද අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වෙළද අමාත්‍යවරයා සිය වගකීම් පැහැරහරිමින් විදේශීය ව්‍යාපාරිකයන් සමග ව්‍යාපාර කටයුතු කරමින් සිටින බවට එල්ල කල චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු නොදීම පිළිබදව වෙළද අමාත්‍යවරයාට කෙසේවෙතත් පාරිභෝගිකයින් වශයෙන් ඇත්තේ මහත් ලැජ්ජාවක් බව ද රංජිත් විතානගේ මහතා සදහන් කරයි.

එ මෙන්ම සමූපකාර තොග වෙළද සංස්ථාවේ සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධයෙන් වෙළද අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාගවෙද්දී එම ආයතනය භාරව කටයුතු කරන අමාත්‍යවරයා වශයෙන් එතුමා කටයුතු කිරීම ජාත්‍යන්තරය හිනස්සවන කාරණයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ජනාධිපතිතුමන්ගේ අවධානයට ලක් කර තිබේ.

වෙළද අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිතුමන් වෙත යොමු කළ ලිපිය පහතින්….

ගරු ජනාධිපතිතුමා සභාපති

ජනාධිපති ලේකම් කාර්යාලය

කොළඔ 01.

ගරු ජනාධිපතිතුමනි,

වෙළද අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලීම.

දිනෙන් දින ඉහළ යන උද්ධමනය හමුවේ මෙරට පාරිභෝගිකයා ඉතා අමාරුවෙන් ජීවත්වන බව ඔබතුමා හොදින් දන්නා කාරණයකි. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළයාම කිසිසේත්ම පාරිභෝගිකයාට දරාගත නොහැකි තත්වයකි. විශේෂයෙන්ම බිත්තර හා මස් මාලු මිල ඉහළයාම නිසා මෙරට පුරවැසියන්ගේ සෞඛ්‍යයට ඇත්තේ විශාල තර්ජනයකි.

මෙරට පාරිභෝගිකයන් ආර්ථික අපහසුතා මැද දිවිගෙවද්දී වෙළද අමාත්‍යවරයා සිය වගකීම් පැහැරහරිමින් විදේශීය ව්‍යාපාරිකයන් සමග ව්‍යාපාර කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය ‌කිහිපයක් පසුගියදා වාර්තා කර තිබුණි. ඒසේ චෝදනා කර දවස් කිහිපයක් ගතවී තිබුණද වෙළද අමාත්‍යවරයා ඒ පිළිබදව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් එම චෝදනා සත්‍යයදැයි සැකයක් අප තුළ උපදී ඇත. එම චෝදනාවලට පිළිතුරු නොදීම වෙළද අමාත්‍යවරයාට කෙසේවෙතත් පාරිභෝගිකයින් හැටියට අපට ඇත්තේ මහත් ලැජ්ජාවකි.

තවද සමූපකාර තොග වෙළද සංස්ථාවේ සිදුවූ වංචා හා දූෂණ සම්බන්ධයෙන් වෙළද අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාගවෙද්දී එම ආයතනය භාරව කටයුතු කරන අමාත්‍යවරයා වශයෙන් එතුමා කටයුතු කිරීම ජාත්‍යන්තරය හිනස්සවන කාරණයක් බව අප සංවිධානය ඔබතුමාගේ අවධානයට ලක් කරමු. මෙරට ආර්ථිකයේ පසුබෑම මත ජනතාව දුෂ්කරතා මැද කටයුතු කරන්නේ කැමැත්තෙන් නොවුවද එවැනි කැපකිරීමක් කිරීමට ජනතාවට සිදුව ඇත. එය අපහට ඉවසිය හැකි කාරණයක් වුවද ඇමතිවරුන් විසින් තවදුරටත් වංචා දූෂණ සිදු කිරීම අපහට කිසිසේත්ම ඉවසිය නොහැකි කාරණයකි. තවද පසුකාලයේ පාරිභෝගිකයින් සම්බන්ධ කාරණවලදී එතුමා මැදිහත් වූ ආකරය අනුව පෙනී යන්නේ එතුමා මෙරටින් බිහිවූ අදක්ෂතම වෙළද අමාත්‍යවරයා වන බවයි.

එම නිසා පාරිභෝගික සංවිධානයක් හැටියට අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ වර්තමාන වෙළද අමාත්‍යවරයා තනතුරෙන් ඉවත් කරන ලෙසයි. ඔබතුමා එසේ නොකළහොත් වෙළදඅමාත්‍යවරයාගේ වංචා දූෂණ පිළිබදව රටට හෙළිකිරීමට අපට සිදුවන අතර එසේ කිරීම රටක් හැටියට අපට අවාසිදායක තත්වයක් වන බවද අපි දනිමු.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

රනිල් අගමැතිවීමේ සතුට රට පුරා පාක්ෂිකයෝ සමරති… රතින්ඤ්ඤා දල්වති, කිරිබත් කති…

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday

ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක්

colombotoday

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට නව නීති ගෙන ඒමේ සූදානමක්

Admin

ඇමරිකානු ගිවිසුම අත්සන් කිරීම ජනපති නියමයෙන් කල් යයි !

colombotoday

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට

colombotoday