Colombo Today Local News

කෝටි 532ක ආදායම් බදු පැහැර හැරි අර්ජුන් ඇලෝෂියස් ඇප මත මුදා හරී

රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටේ‍ෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට රුපියල් ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (03)දින නියෝග කර තිබේ.

මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට නිකුත් කළ සිතාසියකට අනුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටි අර්ජුන් ඇලේසියස්ට එසේ ඇප නියම කෙරිණී.

මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසිනි.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම රුපියල් එකසිය හැට හත් රුපියල් කෝටි 532 (5,328,428,555/=) බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එහි අධ්‍යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

Related posts

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

Admin

මරණීය දණ්ඩණය නියම කෙරුනු දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාව අත්හිටුවයි

colombotoday

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

Admin

දේවමාතාවගේ පිළිරුව පොළවේ ගසා විනාශ කර පැන යද්දී මුස්ලිම් තරුණයෙක් හසුවෙයි

colombotoday

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday

“2020දී රාජ්‍ය නායකත්වය, එජාප නායකත්වය දෙකම හම්බන්තොටට ගේනවා“ – සජිත්

colombotoday