Business

සීනි ජාවම්කාර ව්‍යාපාරිකයාටම තෙල් ආනයනයටත් බදු සහන ?

පොල් සංවර්ධන මණ්ඩලයේ උසස් නිලධාරියෙකුට අනුව එම ආයාතනයේම තවත් ප්‍රභල නිලධාරියෙකු විසින් අගමැතිතුමාට සහ නාමල් රාජපක්ෂ ඇමතිවරයාට බලපෑම් කරමින් තෙල් ජාවාරම් කරුවන්ට නැවත වටයකින් බදු සහනයක් ලබා ගැනීමට හෙවත් බදු වංචාවකට සැරසෙන බව වාර්තා වන බව Lanka Lead News වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මීට පෙර සීනි ආනයනයේදී සිදු කළ රුපියල් මිලියන 15,000ක බදු වංචාව කරණු ලැබූ ව්‍යාපාරිකයාම මෙම තෙල් ජාවාරමේ ප්‍රභලයෙකු බව කියවේ.

මෙම මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයාගේ මැදිහත් වීමෙන් මීට පෙර සිදු කළ සීනි වංචාවට අමතරව පොල්තෙල් වලට පනවා තිබූ කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 170කින් අඩු කිරීම මගින් තවත් රුපියල් මිලියන 20,000ක බදු ආදායම් රටට අහිමි කළ බව දැන් ඔප්පු වී ඇත.

මේ අතර ඔවුන් දැන් උත්සහා කරන්නේ පොල් තෙල් බද්ද සහ ෆාම් ඔයිල් බද්ද තව දුරටත් අඩු කර ගැනීමට බව වාර්තාවේ.

එම රැස්වීම අද (17 ) දින පෙරවරු 11:00 ට පැවැත්විමට නියමිතව තිබෙන බවද අදාළ වෙබ් අඩවිය වාර්තා කර ඇත.

Related posts

තවත් බිලියන 400ක ණයක් ගන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය

colombotoday

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday

12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1257 කින් ඉහළට.

colombotoday

අදට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීමට මහ බැංකුව සූදානම්

colombotoday

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

colombotoday

සංචාරක කර්මාන්තය ප්‍රකෘතිමත් වනතුරු වාහන ආනයනයට ඉඩක් නෑ

colombotoday