BusinessColombo Today Local News

කඩේ මිලට වඩා මිල වැඩියි. – Pick Me සහ Uber කරන කූට වැඩේ

ලෝක් ඩවුන් කාල සීමාවේ අපනශාලවලින් කෑම ඇනවුම් කිරීමට පාරිභෝගිකයා විශාල වශයෙන් පෙලෙබී තිබෙන බවත් Pick Me සහ Uber ආයතන ඒ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කිරීමේදී පාරිභෝගිකයන්ගේ අයිතීන් කඩ වන අවස්ථාවක් දක්නට ලැබෙන බවත් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටියා.

Pick Me සහ Uber හරහා ආහාර ඇනවුම් කිරීමේදී සාමාන්‍යයෙන් වෙළඳ සැලක තිබෙන මිලට වඩා අයකිරීමක් සිදුකරන බවත් එම ආයතන දෙක ප්‍රවාහන සේවා ලබා දෙන ආයතන දෙකක් බැවින් ප්‍රවාහනයට මුදල් රැගෙන වෙළඳ සැලේ තිබෙන මුදලටම ආහාර ලබාදිය යුතු බවත් විතානගේ මහතා එහිදී පැවසීය.

මේ පිළිබඳව පාරිභෝගිකයන් පැමිණිලි කරන බවත් 2003 වසරේ අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ මෙවැනි කූට ව්‍යාපාරිකයන්ට කල යුත්තේ කුමක්ද යන්න සඳහන් කර ඇති බවත් සඳහන් කර සිටි ඒ මහතා සමහර සමාගම්වලින් ආහාර ඇනවුම් කිරීම සඳහා බැංකු කාඩ් එකෙන් ගෙවීම් කිරීමේදී එම මුදල් කෙලින්ම විදේශ රටවලට යන බවත් එමනිසා මෙරට ඩොලර් ප්‍රමාණය සීග්‍රයෙන් පිටරටට යන බවත් ඒ පිළිබඳව ද සොයා බලන ලෙස වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින ලදි.

Related posts

ඉන්දියාවෙන් ගෙන ආ ලක්ෂ 70ක බීඩි කොළ තොගයක් වෙරළේ දමාගිහින්

colombotoday

දඹුල්ල පංසලේ වැවෙන් නාදුන මල සිරුරක් හමුවේ.

colombotoday

අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් Kwidයක් ගන්න ඉන්නවනම් දෙපාරක් සිතා බලන්න !

colombotoday

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් යතුරුපැදි දෙකක් යට කර අයෙක් මහමග කපාකොටා මරයි

colombotoday

අළුත්ගම ගිය ඥාණසාර හිමිට ප්‍රභූ ආරක්ෂාව !

colombotoday

සිමෙන්ති හිඟයක් ? වැඩි මිලට වික්කොත් වැඩ වරදී

colombotoday