Uncategorized

සංචාරක ශ්‍රී ලංකා පිල හා කොදෙව්වන් අතර එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද(10)දින ආරම්භ වෙයි.

පළමු තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි එක්දින තරඟය ලබන 12 වනදාද, තෙවැනි එක්දින තරඟය ලබන 14 වනදා ද පැවැත්වෙනු ඇති.

දෙවැනි තරඟයද මෙරට වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වන නමුත්, තෙවැනි තරඟය රාත්‍රී 11ට ආරම්භ වන්නේ දිවා රාත්‍රී තරඟයක් ලෙසයි.

කොදෙව් තරඟ සංචාරය ආරම්භ කරමින් පැවති 20යි 20 තරගාවලිය පසුගියදා නිමාවට පත්වුණේ සත්කාරක කොදෙව් කණ්ඩායමට තරග 2 – 1ක ජයක් හිමි කර දෙමින්.

එක්දින තරගාවලියෙන් පසුව දෙරට අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

Related posts

දෛනිකව කොවිඩ් ආසාදිත දරුවන් 5කට අධික පිරිසක් වාර්තා වෙයි

colombotoday

පාතාල කල්ලි ගැටේ.. වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

colombotoday

පොහොට්ටුවේ මන්ත්‍රිනීයක් පොසිටිව්. පාර්ලිමේන්තු කොවිඩ් පොකුර ඉහළට

colombotoday

“පවුලක දරුවන් තිදෙනෙකුට සීමා කරන්න” – බොපේ සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න – TNA සුමන්තිරන් උතුරේදී කියයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

colombotoday